යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු කළුතර දිස්ත්‍රික්කයේ I Road ව්‍යාපෘතියක් සඳහා රු. මිලියන 1000ක් (කෝටි 100) ලබා ගෙන එම මාර්ගය ඉදි නොකර අදාළ මුදල වංචාකර තිබේ.
මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
කාර්ය සාධක ඇපකාරයක් මගින් හිටපු ඇමතිවරයා මෙසේ රු. මිලියන 1000ක් ලබා ගෙන තිබේ. අදාළ ඇපකරය ඇමතිවරයාගේ සමාගම්වලින් සතියක් ඇතුළත ලබා ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.
එසේ ම මෙම දැවැන්ත මුදල ලබා ගෙන මාර්ගය ඉදි නො කළ ඇමතිවරයාගේ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.