13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතුයි! යහපාලන කාලේ පළාත් සභා අමතක වුණ ඉන්දියාවෙන් තර්ජන!!

August 23, 2020 at 12:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු යැයි යන ඉන්දියාවේ ස්ථාවරය කිසිදු ලෙසකින් වෙනස් වී නොමැති බව ඉන්දියාව පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර පැවැති හමුවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දෙමල ජනයා මුහුණ දෙන ගැටළුවලට විසදුම් සෙවීම සදහා අඛණ්ඩව ඉන්දියාව සහාය දෙන බවද ඔහුගේ ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියවේ.

ඉන්දීය මහකොමසාරිස්වරයා හෝ දෙමළ ජාතික සන්ධානය යහපාලන රජය සමයේ උතුරු පලාත් සභාව ඇතුළු පලාත් සභා මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා තිබියදී පළාත් සභා පැවැත්වීම සඳහා බලපෑම් කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස