තාත්තාට වැඩිය ඇවිදින්න බැරි වෙන නිසා මං ආවා! රෝහිත, උදයංග සමග කුරුණෑගල වේදිකාවේ! තාරක විද්‍යාඥ විරුදාවලි මැද සභාව අමතයි! (video)

July 7, 2020 at 11:22 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවට කුරුණෑගල ජනහමුවක් ඇමතීමට ගොස් තිබේ.

සිය පියාට වැඩිය ඇවිදීමට නොහැකි වන නිසා තමාට ජනතාව හමු වී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විමසීමට පැවසූ බවත් පියාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ නිසා මෙලෙස ජනතාව හමුවට පැමිණි බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

කුරුණෑගල නගරයේ අගමැති ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බව සඳහන් කළ රෝහිත රාජපක්ෂ රටේ ජල ගැටළුවට විසඳුම් ලබා දීම රජයේ ඊළඟ ඉලක්කය බව ද අනාවරණය කළේය.

මෙම අවස්ථාවට ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව ඇප ලැබූ උදයංග වීරතුංග ද සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව