කල්ක්‍රියාව හොඳ නම් දුමින්ද සිල්වත් නිදහස් කරනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමැති

December 23, 2020 at 10:32 pm | by emanisa.lk

බන්ධනාගාර ගතකර සිටින දුමින්ද සිල්වා ද යහපත් කල් ක්‍රියාවෙන් යුතු කාණ්ඩයට වැටෙන්නේ නම් ඔහු ද නිදහස් කිරීමට සූදානම් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.

කෙසේ වෙතත් එක් එක් පුද්ගලයන් ඉලක්ක කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නො කරන බව ද ඔහු කියා සිටියේ ය.

බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලමින් සිදුකරන සමාලෝචනය වසර 20කින් පමණ ක්‍රියාත්මක වී නැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ යටතේ මරණ දඬුවම හිමි සිරකරුවෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකටත්, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳින අයකුගේ දඬුවම් කාලය වසර විස්සක දක්වාත් ලිහිල් වන්නේ යයි ද ඔහු පැවසී ය.

මේ වන විට සිරකරුවන් 8300ක් පමණ නිදහස් කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

https://www.facebook.com/watch/?v=744947166130142

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස