කපුටා ප්‍රභාකරන්ට වඩා හෙනයක්…! ප්‍රභාකරන්ට නොදෙවෙනි අවසානයක් අත්වේවා…! – ඇමැති විජයදාස පුත් රඛිත..

May 23, 2022 at 9:36 am | by emanisa.lk

“කපුටු හෙනය වනයක් වන ලකුණු. ප‍්‍රභාකරන්ට වඩා හෙනයක්. ඌට නොදෙවනි අවසානයක් අත්වේවා” යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍ර රඛිත රාජපක්ෂ සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී එය අද ඉදිරිපත් නොකර නීතිපතිවරයා මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව තීන්දු කර තිබේ.

21 වන සංශෝධනයට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූුරයක් දැරීමේ බලය අහෝසි කිරීමේ වගන්තියක් ද ඇතුළත් ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *