කන්දකාඩු කොර්නා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් දෙපිරිසක් අතර අද (22) අලුයම ගැටුමක් හටගෙන තිබේ.
අද අලුයම ඊට ඇතුළත් කළ මේ දෙපිරිස කන්දකාඩු සහ සේනපුරා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පිරිස්ය.
මෙම ගැටුමින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ට බරපතළ නොවන බව ද වාර්තා වෙයි. මෙම දෙපිරිස අතින් පයින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොසු ඉදල් ද ගෙන එකිනෙකාට පහර දී ඇති අතර ආරක්ෂක අංශ මැදිහත් වී ගැටුම සමථයකට පත්කර තිබේ.