කටුනායක සංචාරකයෝ පොදිකති…! සති දෙකට 40 000ක් ලංකාවට ඇවිත්…!

January 17, 2022 at 6:11 pm | by emanisa.lk

මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසසන්න රණතුංග පවසයි.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක කාලය තුළ සංචාරකයන් 1,94,495 ක් ශ්‍රී ලංකාවට පැමිණී බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ අනුව පසුගිය මාස තුනේදී පමණක් සංචාරකයන් 156,571 පැමිණ ඇති බව ද සඳහන් කළේය,

රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය සහ ඇමරිකාව වැනි රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් පසුගිය දෙසතියෙහි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඉලක්ක කරමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා අනාවරණය කරයි.

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමග එම ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළුවලට ද කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සඳහා රජය ගතහැකි සෑම පියවරක් ම ගනිමින් සිටින බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *