පාඨලීට ධර්ම රාජ්ජේ හදන්න කංජිපානී ඉම්රාන් ලක්ෂ 300ක් දීලා….

October 28, 2020 at 1:57 pm | by emanisa.lk

සංවිධානාත්මක අපරාධයකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන කංජිපානි ඉම්රාන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවකට රු. මිලියන 30ක ලබා දී ඇති බව අනාවරණය වූ බවට වාර්තා පළවෙයි.

පසුගිය සමයේ කංජිපානි කරළියට එන්නේ 2019 පෙරවාරි මස ඩුබායිහි දී මාකඳුරේ මදුෂ් සමග පැවැත් වූ සාදයකදී මත් ද්‍රව්‍ය සමග ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග ය.

කංජිපානි ඉම්රාන් 2015 මහා මැතිවරණය අවස්ථාවේ පාඨලී චම්පක රණවකට මෙලෙස මිලියන 30ක මුදලක් ආධාර ලෙස ගෙවා ඇති බවට පිළිගෙන ඇත.

මෙම සංවිධානාත්මක අපරාධකරු හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක සමග 2006 වර්ෂයේ සිට කිට්ටු සබඳතාවක් පවත්වා ඇතැයි ද එම වාර්තා වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස