එම්.සී.සී. අහෝසි කළාට වැඩක් නෑ! වෙන නමකින් ඇමරිකානු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්! – දුමින්ද නාගමුව

December 19, 2020 at 8:47 am | by emanisa.lk

එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නෑ කියා නිකම්ම කියා පලක් නොමැති බවත් විදේශීය බහුජාතික සමාගම්වලට රටේ ඉඩම් විකුණනවාද නැද්ද යන්න ගැනත් ඇමරිකානු යුද උපායමාර්ගවල ශ්‍රී ලංකාව හිර කරනවා ද නැද්ද කියාත් රජය වහා ම රටට හෙළි කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ඇමරිකාවේ බල වුවමනාව වෙනුවෙන් 2007 වසරේ දී අත්සන් කළ ඒ.සී.එස්.ඒ ( අත්පත් කර ගැනීමේ සහ සේවා සැපයීමේ ගිවිසුමෙන්) ගිවිසුමෙන් රජය තවමත් ඉවත් වී නැතැයි ද නාගමුව කීවේ ය.

“එම්.සී.සී. ගිවිසුමෙන් ඇමරිකාව උත්සාහ කළේ අපේ රටේ ඉඩම් ඔවුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් අත්පත් කර ගන්නයි. ඒ වගේම ලෝක බලවතුන් අතර යම් ගැටුමක් ඇති වුණොත් ඇමරිකානු යුද උපායමාර්ගික භූමියක් ලෙස ශ්‍රී ලංකාව පාවිච්චි කිරීමයි. අපි ආණ්ඩුවෙන් අහන්නේ මේවාට ඉඩ දෙනවාද නැද්ද කියායි.

එදා ඒ.සී.එස්.ඒ. ගිවිසුම 2007 දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වසර දහයකට අත්සන් කළා. රනිල් ඒක 2017 දී දින නියමයක් නැතිව දීර්ඝ කළා. ඒ කියන්නේ ලංකාව තවමත් බැඳී ඉන්නවා ඔවුන්ට පහසුකම් සපයන්න. ඒ පහසුකම් සපයන්න බැඳී ඉන්නේ යුදමය අවස්ථාවලදී.

මේ ගිවිසුම්වලට මොකද වෙන්නේ කියා අපි ප‍්‍රශ්න කරනවා. එම්.සී.සී. කියන නම ගැලෙව්වාට වැඩක් නෑ. ඇතැම් විට ඔවුන්ගේ ව්‍යාපෘති වෙනත් නමකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව වහාම ඉඩම් ප‍්‍රතිපත්තිය පැහැදිලි කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස