එන්නත දුන් අයගෙන් 20%කට කොරෝනා වැළඳෙනවා…! එන්නතේ ආරක්ෂාව ලැබෙන්නේ විදල සති 7කින්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

February 1, 2021 at 8:15 am | by emanisa.lk

එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේ ම කොරෝනා පාලනය සඳහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්නා බවත් තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවත් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

එන්නත පළවෙනි මාත්‍රාව ලබා දුන් සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බව ද ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත් විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බව ද ඔහු පැවසීය.

එහෙත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන් ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස