උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී. අලවතුවල පවසයි.
මේ තීන්දුව හේතුවෙන් මුළු රටම සාගතයකට තල්ලු වන බවට ද හෙතෙම අනතුරු අඟවයි.
එදා ඡන්දය දුන් 69 ලක්ෂයට ද අද මෙම ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැතැයි අලවතුවල ප්රකාශ කරයි.
එදා ආණ්ඩුව පත්වීමේ ප්රීතියට බිත්තිවල චිත්ර ඇදපු තරුණයන් අද රට හැර යාම සඳහා පාස්පෝට් පෝලිමේ සිටින බව ද මන්ත්රීවරයා කියා සිටියේය.