එජාප එකම මන්ත්‍රී ධුරයට රවී දයා මරාගනී! දෙදෙනාටම රනිල්ගෙන් කනේ පාරක්!

August 7, 2020 at 5:28 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රී ධුරය සඳහා මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති දෙපලක් කුලල් කා ගැනීමට පටන් ගෙන ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ එම එජාප ප්‍රබලයින් දෙදෙනා තමන්ට අදාළ මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

පරාජිත අපේක්ෂකයින් කිසිවකුටත් පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තුව ලබා නොදෙන බව එජාප මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ම සඳහන්ව ඇති බැවින් කිසි සේත්ම පරාජිතයකුට පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

මෙය තමන්ටද එක සේ අදාල බව ඔහු තමන්ගේ අතිශය සමීපතමයකු සමග පවසා ඇත. එහෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇතැම් සිදුකරන ප්‍රචාර සත්‍ය නොවන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස