එජාප ආණ්ඩුව නැ. ජැටිය අපට දෙන්න එකඟ වුණා…! එම එකඟතා අනුව ලංකාව කටයුතු කළ යුතුයි…! – නැ. ජැටිය පිළිබඳ ඉන්දියාවෙන් රතු නිවේදනයක්….

February 1, 2021 at 5:57 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාව අනුව සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙක් එසේ පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙනි.

“ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේ දී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අප හට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේ ම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *