හිටපු කථානායක කරු ජයසූරියගේ මූලිකත්වයෙන් යුත් තවත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉතා නුදුරේම සමගි ජන බලවේගය එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔහු සමග සිටින එක්සත් ජාතික පක්ෂයේ පිරිස මෙම පියවරට අවතීර්ණ වීමට නියමිත බව ප්රකාශ වන අතර එය එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර සිදුවනු ඇති බවද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය වැටී තිබෙන අගාදයෙන් ගොඩගැනීම සඳහා තමන් පක්ෂ නායකත්වය තාවකාලිකව භාර ගැනීමට සූදානම් බව ප්රකාශ කරමින් කරු ජයසූරිය ද එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියි.
එහෙත් රනිල් වික්රමසිංහ පාර්ශ්වය ඒ සඳහා දැනටමත් සිය අකමැත්ත පළ කර ඇත. කරූ ජයසූරිය සමග ඔහුගේ බෑනා වන නවීන් දිසානායක ද සජිත් පිලට එකතු වනු ඇතැයි වාර්තා වෙයි.