එක පවුලකට ළමුන් තුනක් පමණයි! ඒකමතිකව පනත සම්මතයි!

May 22, 2019 at 4:22 pm | by admin

එක පවුක් දරුවන් සංඛ්‍යාව තිදෙනෙකුට සීමා කරන යෝජනාවක් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය භූමි ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් වර්ධනය වන බැවින් සෑම ජනවර්ගයකටම අදාළව ජනගහනය සීමා කිරීමට නීති පැනවිය යුතු බවට පසුගිය සමයේ සාකච්ඡාවකට බඳුන් විය.

මෙම යෝජනාව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල කුඹල්වැල්ල විජයාරාමය සහ හපුගල සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගාල්ල උප ප්‍රධාන සංඝනායක වීරපානේ හේමාරාම හිමියන් ඇතුළු සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා දාහතර නමක විසිනි.

මානව හා ආර්ථික විද්‍යාඥයින්ගේ පිළිගැනීම මත ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තීරණවලට එළඹ ඇති බවද එහෙයින් මෙම යෝජනාව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස ද ස්වාමීන් වහන්සේලා විසින් ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස