උතුරට ඊළමක් ඉල්ලන තමිල්නාඩු ධීවරයෝ දෙමළ ජනතාවගේ දැල් වනසති!

November 22, 2020 at 2:16 pm | by emanisa.lk

යාපනය මාදගල් මුහුදු තීරයට අසන්න මුහුදේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ සියලු දැල් ආම්පන්න ඉන්දීය ධීවරයන් විසින් විනාශ කර තිබෙන බව වාර්තා වේ.

මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ මුහුදේ අනවසරයෙන් උතුරු මුහුදට ධීවර යාත්‍රා ඇතුළු කර මෙලෙස යාපනයේ ධීවරයන්ගේ දැල් ආම්පන්න විනාශ කර තිබේ. අනතුරුව ඉන්දීය ධීවරයින් පළා ගොස් ඇත.

මේ නිසා දැල් අම්පන්න විනාශ වූ ධීවරයන් පිරිසගේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස