ඉන්ධන මිල අඩු කරන්නවත් බැරි ජනාධිපතිකමින් ඇති වැඩක් නෑ…! රාජපක්ෂ දේශපාලනයත් මෙතනින් ඉවරයි…!- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

June 14, 2021 at 8:10 am | by emanisa.lk

රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති. ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එහිමියෝ පෙන්වා දෙති.

“ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, ජනතාව පාරට බහින දවස දුර ඈතක නොවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි කියන එකයි අපෙ විශ්වාසය. එවන් තැනකට මහ නොපාදා රට බාරගන්න, ජනතාව බාරගන්න, රට ගෙනියන්න කියන එකයි අපෙ ඉල්ලීම.

අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො ඉන්නකොට කිව්ව වචනයක් තමයි එක මනුස්සයෙකුට මේ රටේ බලය දෙන්න එපා, ඒක රටට විනාශයක් වෙන්න පුළුවන් කියන එක. මේ අද වෙලා තියෙන්නෙ ඒකයි. එක මනුස්සයෙක් කරා මේ බලය දීලා ඉවරවෙලා වෙන වෙන දේවල් අද කෙරෙන්නෙ.

නමුත් අපි කියනවා විධායක බලයක් තියෙන ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා අපේ ගම්මන්පිල ඇමතිතුමා ඉන්ධන මිල ඉහළ දැම්මත් ‘මේ වෙලාවෙ කරන්න එපා, ජනතා අප්‍රසාදය අපට වැඩිවෙනවා ගම්මන්පිල’ කියලා කතාකරලා කියන්න. ඒකයි විධායක කියන්නෙ. එහෙම නැත්නම් ඒ විධායකකමෙන් ඇති වැඩකුත් නෑ.”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස