යාපනය පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග නව ගිවිසුමකට එළඹෙන බව ගුවන් සේවා සහ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
පසුගිය ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කළ ද එම ගිවිසුමට පිටින් කටයුතු කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
නව ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කළ බව ද ඔහු අනාවරණය කළේ ය.
පලාලි සහ රත්මලාන ආකර්ශනීය ගුවන්තොටුපළ බවට පත්කරන අතර අභ්‍යන්තර ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.