ඉතිහාසයේ පළමු වතාවට වාලච්චේනට සිංහල අවුරුදු…! දෙමළ මුස්ලිම් ජනතාවත් එක්වෙති….!

April 12, 2021 at 11:36 pm | by emanisa.lk

වසර 60ක ඉතිහාසයේ ප්‍රථම වතාවට වාලච්චේන කඩදාසි කම්හලේ සේවය කරනු ලබන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන වර්ගයන්ට අයත් සේවකයින් සහ ඔවුන්ගේ දරු දැරියන් ඇතුළු පවුලේ සියලු දෙනා සමග සාම්ප්‍රදායික චාරිත්‍රද ඉටුකරමින් අලුත් අවුරුදු උත්සවයක් අද වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.

වාලච්චේන කඩදාසි කම්හලේ දැනට සේවය කරනු ලබන සේවකයින් 90 දෙනාටම ඔවුන්ගේ අප්‍රේල් මස වැටුපද ලබාදීමෙන් පසු සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් එක් කරගනිමින් මෙවන් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උළෙලක් සහ අවුරුදු ක්‍රීඩා පැවැත්වීමට හැකිවීම වසර 60කට පසු වාලච්චේන කඩදාසි කම්හල ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයකි.

අවුරුදු ක්‍රීඩාවලින් ජයග්‍රහණය කළ දරු දැරියන්ට ශ්‍රී ලංකා යුධ හමුදාව සහ අනුග්‍රාහක භවතුන් එක්ව ත්‍යාග ලබාදෙන ලදි. නව වසරෙන් පසු වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදනය කිරීමට නියමිත ටොන් 400ක කඩදාසි තොගය සාර්ථකව නිෂ්පාදනය කිරීමට සේවකයින් ජව ගැන්වීම වෙනුවෙන් මෙවැනි අලුත් අවුරුදු උළෙලක් සංවිධානය කල බව ආයතනයේ සභාපති විමල් රූපසිංහ මහතා කියා සිටියේය. මෙම අවස්ථාවට ප්‍රදේශයේ සර්ව ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් රාජ්‍ය ව්‍යවසායන්ට පණදෙන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්, වසර ගණනාවක් පුරා අභාවයට යන්නට ඉඩ දී අත්හැර දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ගොඩ නංවා ක්‍රියාකාරී තත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබදව කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා නිහතමානිව ආඩම්බර වෙමි. වාලච්චේන කඩදාසි කම්හලේ පාලන අධිකාරිය ඇතුළු සියලු සේවකයන්ට මාගේ සුබපැතුම්..!

විමල් වීරවංශ නිල ෆේස්බුක් පිටුව…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *