අපි සිංහල අවුරුද්දට හිස තෙල් ගාන එකක් ආණ්ඩුව නැති කළා….! – මුජිබර් රහුමාන්….

March 31, 2021 at 11:50 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සිංහල අවුරුද්දට හිස තෙල් නොව විස තෙල් ගාන තැනට තමන් පත්කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

රටට ගෙන ආ විස පොල්තෙල් පිට නොවුණේ නම් දඹුල්ලේ කඩයක් සීල් තැබූවේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

පොල්තෙල් සහ ෆාම් ඔයිල් මිශ්‍ර කිරීම නතර කරලීම සඳහා වර්තමාන ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ආණ්ඩුවට හිතක් පපුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අද (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *