රටවල් 4කින් සහල් මිල ගණන් කැඳෙව්වා…! සිංහල අවුරුද්දට රු. 95ට සහල් දෙන්න සූදානම්…! – බන්දුල

March 20, 2021 at 9:31 am | by emanisa.lk

සහල් මාෆියාව විසින් සිංහල අලුත් අවුරුදු සමයේ සහල් මිල ගණන් අධික ලෙස ඉහළ නැංවිම පාලනය සඳහා පිට රටින් සහල් ආනයනය සඳහා රටවල් 4කින් මිල ගණන් කැඳවා ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ බුරුමය යන රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ වෙළෙඳ කොමසාරිස්වරුන්ගෙන් මෙම මිල කැඳවීම සිදුකර තිබේ.

මේ හැර දේශීය සහල් සැපයුම්කරුවන් අතර ද රජයේ ආරක්ෂිත සහල් තොගය සඳහා සහල් සැපයුමට කැමති සැපයුම්කරුවන් වෙත්නම් ඔවුන්ගෙන්ද මිල ගණන් කැඳවා ඇත.

අධික සහල් මිල පාලනයට මෙලෙස සහල් ආනයනය කොට කිලෝවක් රුපියල් 95/=කට නොවැඩි ගණනකට අලෙවි කළ හැකි වෙතැයි අමාත්‍ය ගුණවර්ධන විශ්වාසය පළ කරයි. මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ආරක්ෂක සහල් තොගයක් පවත්වාගෙන යාමට සැලසුම්කර ඇතැයි ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *