පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු බැඳුම්කර වංචාවේ චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් හිටපු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මෙවර මැතිවරණය සඳහා ද ඡන්දය ඉල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.
මෙම පිරිස එක්සත් ජාතික පක්ෂයේ ද සමගි ජන බලවේගයේ ද පොදුජන පෙරමුණේ ද සිටින බව ඔහු අවධාරණය කරයි. තම පක්ෂයෙන් 118 දෙනෙකු ඡන්ද ඉල්ලන බවත් ඔවුන් හොරු නොවන බවට තමන් වගකියන බවත් ඔහු සඳහන් කරයි.
MCC කමිටු වාර්තාව ජනතාවට ලබා දුන් ආකාරයටම අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් 118 දෙනාගේ නම් ද හෙළි කරන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව ද ජවිපෙ ජාතික සංවිධායකවරයා වැඩි දුරටත් පැවසීය.