ඇමැති ආරක්ෂකේ කොවිඩ් පොකුරක්….! විමල් දින 14ක් නිරෝධායනයට….!

July 29, 2021 at 1:54 pm | by emanisa.lk

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

“මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.

කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *