ඇමැතිවරු ලකුණු දා ගන්න කරන වැඩ ජනතාව ඉවසන්නේ නෑ…!

February 14, 2022 at 6:02 am | by emanisa.lk

සමහර ඇමතිවරුන් ලකුණු දමා ගැනීම සඳහා සිදු කරන ක්‍රියා ජනතාව නොඉවසන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

සෞභාග්‍යය උදා කිරීම සඳහා පොරොන්දු වී බලයට පත් වූ ජනාධිපතිවරයා ද ලකුණු දමා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් එය ඉතා අවසානාවන්ත තත්වයක් වනු ඇති බවයි, මුරුත්තෙට්ටුවේ හිමි පවසන්නේ.

ඇමැතිවරුන් සිදු කරන ආකාරයෙන් ලකුණු දමා ගැනීමේ ක්‍රියාවල නිරත වී දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන්නැයි ආනන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පසුගියදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති පොදුජන පෙරමුණේ ජන රැළිය සඳහා පැමිණියේ ආණ්ඩුවට සහයෝගය දක්වන ජනතාව නොව විරුද්ධවාදීන් යැයි සලකා කටයුතු කළ යුතු බව ද ආනන්ද හිමි අවධාරණය කරයි.

ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳට ම ප්‍රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *