අනුරාධපුර පොහොට්ටුවේ ජන රැළියට මහ ජන ගඟක්…!

February 9, 2022 at 5:57 pm | by emanisa.lk

මේ වන විට අනුරාධපුරේ සල්ගාදු පිටියේ පැවැත්වෙන පොහොට්ටුවේ පළමු ජන රැලියට විශාල සෙනගක් සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ සඳහා ජනපති අගමැති ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානීන් සියල්ලම පාහේ සහභාගී වී සිටිති. 2019 වසරට පසු ආණ්ඩුව ප්‍රධාන ජන හමුවක් පවත්වන්නේ වසර 02කට පසු ය.

මෙම ජන හමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් සංවිධානය කළ බවත් ඒ සඳහා ආණ්ඩුවේ සෙසු පක්ෂ සම්බන්ධ නොවන බවත් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුවේ සෙසු පක්ෂවල නායකයින් වේදිකාවේ දක්නට ලැබුණේ ද නැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *