ඇමැතිට ඕන ම වෙලාවක බන්ධනාගාරවලට පැමිණි සිරකරුවන් මුණ ගැසෙන්න පුළුවන්…! එදා ආවේ සිරකරුවන්ගේ නිදහස ගැන කතා කරන්න…! – උපුල්දෙණිය…

September 16, 2021 at 6:33 am | by emanisa.lk

ඕනෑ ම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

අදාළ දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ තම කාර්ය මණ්ඩලයේ පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස