කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ ඈ සමග එකම පන්ති උගත් සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඈ ඇසුරු කළ සිසු සිසුවියන් 48 දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වෛසරය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
අසාදිත ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පන්තියේ ළමුන් 42 දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6දෙනෙකු ද වශයෙන් ළමුන් 48දෙනෙකු ඊයේ (05) විදුහලේ දී PCR පරීක්ෂණයට ලක් කරනු ලැබිණි.
එහි ප්‍රතිඵල අනුව එයින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීහු සනාථ කරති.
පන්තියේ සිසු සිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6 දෙනා ඔවුන්ගේ නිවෙස්වල ම නිරෝධායනය වෙමින් පසුවෙති.
විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා දPCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැත.