ආර්ථික අමාරුකම් මැද ජනතාවට සහනයක්! යහපාලන ආණ්ඩුවේ තවත් බද්දක් අහෝසි කරයි!

September 14, 2020 at 4:01 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 7% ක ණය බද්ද මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අය නොකෙරේ. සපයනු ලබන මූල්‍ය සේවා මත සෑම මූල්‍ය ආයතනයක් විසින්ම 7% ක ණය ආපසු ගෙවීමේ අය බද්දකට යටත් කරමින් පැවැති ආණ්ඩුව විසින් 2018 අංක 35 දරන මුදල් පනත සම්මත කර ගනු ලැබීය.

එකී පනතට අනුව 2021 දෙසැම්බර් 31 වැනි දිනය දක්වා අදාළ මූල්‍ය ආයතන විසින් මෙම අය බද්ද ගෙවිය යුතුය.

එහෙත් මුදල් ඇමති අගමැති මහින්ද රාජපක්ෂගේ නියමය පරිදි පසුගිය 07 වැනිදා නිකුත් කරන ලද මුදල් සංශෝධන පනත් කෙටුම්පත මගින් ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් පසුව අවසන් වන ලෙස සංශෝධනයක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස