ආනවිලුන්දාව සහ හන්තාන එළිකළ ඇමති සනත්ගේ සොයුරාටත් කිරිඇල්ලගේ දුවටත් එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නෑ! – මධ්‍යම පරිසර අධිකාරිය..

September 22, 2020 at 12:05 pm | by emanisa.lk

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇතැම් පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පසුබට වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය චෝදනා කරයි.

එහි සභාපති එස්. අමරසිංහ මේ බව සඳහන් කළේ එම අධිකාරියේ ඊයේ (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

“ආනවිළුන්දාව රක්ෂිතයේ තෙත් බිම් ව්‍යාපෘතියට අදාළව ඒ මොහොතේ හඳුනාගත් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. එහෙත් අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව තවමත් අත්අඩංගුවට ගත යුතු හිටපු සභාපතිගෙන් ප්‍රකාශ ලබාගැනීම තවමත් ප්‍රමාදයි“

“පොලීසියෙන් ඉල්ලීමක් කළා. හැකි ඉක්මනින් උපදෙස් දුන්නැයි කිනයවා සභාපතිවරයාගෙන් වාර්තාවක් අරගෙන රජයටත්,  දෙපාර්තමේන්තුවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙන්න කියලා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. එහෙත් ක්‍රියාත්මක වෙන්නේ ඒ සිද්ධියට සම්බන්ධ අයට පමණයි. අනෙක් අය අත්අඩංගුවට ගෙන නැහැ,“ යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වසීය.

ප්‍රශ්නයක් – ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් ඕක පිටිපස්සේ ඉන්නවා කියන කතාව සත්‍යයක්ද?

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති – “සත්‍ය අසත්‍යතාව දන්නේ නැහැ, වගකිවයුත්තාගෙන් ප්‍රශ්න කළ යුතුයි. පොලිසිය තවම එය කරලා නැහැ, ඇමතිවරයා කිව්වාට මදි, හන්තාන එළිකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමතිගේ දියණියව අත්අඩංගුවට ගත්තේ නැහැ,  අත්අඩංගුවට ගත්තේ එතැන හිටපු අය. එහෙත් අධිකරණයට ඉදිරිපත් කරද්දී, ඉඩම් හිමිකරුට විරුද්ධව පැමිණිලි කළා. ආනවිළුන්දාව සිද්ධියේදී පමණක් පොලීසිය ප්‍රකාශ නොගැනීම ප්‍රශ්නයක්“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස