ආනවිලුන්දාව ඩෝසර් කළේ ඇමති සනත්ගේ සොහොයුරා! වැරදිකරු රු. ලක්ෂ 05ක දඩයකට හෝ වසර 05ක සිර දඬුවමකට යටත් කළ යුතුයි! – විශේෂඥ කමිටුව කියයි..

September 9, 2020 at 9:58 pm | by emanisa.lk

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් රක්ෂිතයට අයත් භූමියක් අනවසරයෙන් සහ නීති විරෝධී ලෙස එළිකර ඇත්තේ ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම මත බව එම පරිසර විනාශය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි.

ජගත් සමන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා බව ද වාර්තා වෙයි.

ආනවිලුන්දාව රක්ෂිතය ඉස්සන් කොටු සඳහා විනාශ කිරීමෙන් පසු විෂයභාර අමාත්‍ය සී.බී. රත්නායක විශේෂඥ කමිටුවක් පත්කළ අතර එහි වාර්තාව ඊයේ (08) ඇමතිවරයාට ලැබුණු අතර අද(09) එය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

මෙයට පෙර ද අදාළ ප්‍රදේශය ඉස්සන් කොටු සඳහා යොදා ගෙන ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වෙයි.

වැරදිකරුවන් රු. 15000 සිට ලක්ෂ 5 දක්වා දඩ මුලකට හෝ වසර 2 සිට 5 දක්වා සිර දඬුවමකට යටත් කළ යුතු බව ද එම කමිටු වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *