ඩෝසර් කළේ ආනවිලුන්දාවේ බදු දුන් ඉඩමක්?

September 1, 2020 at 3:19 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක්ව ඇති ආනවිලුන්දාවේ අක්කර 157ක් ඉස්සන් සහ මත්ස්‍ය වගාව සඳහා පෞද්ගලික අංශයය 2019 වසරේ බදු දී ඇති බව විගණකාධිපති අනාවරණය කරයි.

මෙලෙස පෞද්ගලික අංශයට බදු දුන් ඉඩම්වල ඉස්සන් සහ මත්ස්‍ය වගාව සඳහා අනවසරයෙන් කඩොලාන ඉවත් කළ අවස්ථා පවතින බව ද එම වාර්තාව හෙළි කරයි.

මෙම ඉස්සන් කොටු සහ මත්ස්‍ය වගාව සඳහා ලබා දුන් ඉඩම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැත.

ආන්දෝලනයට ලක් වූ ඩෝසර් කළ ඉඩම ද මෙලෙස බදු දුන් ඉඩමක් බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ප්‍රකාශකයකු අනාවරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *