ආණ්ඩුව රටේ තින්ත ඉවර වෙනකල් සල්ලි අච්චු ගහනවා…! හොඳට ම කරන්නේ එච්චරයි…! – රහුමාන්….

September 6, 2021 at 5:35 pm | by emanisa.lk

ආණ්ඩුව හොඳට ම කරන එක ම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

කළු සල්ලි සුදු කරන පනත් ගෙන්න හදිසි වුණත් කොවිඩ් පාලනය සඳහා පනතක් ගෙන ඒමට ආණ්ඩුවට හදිසි නැතැයි කී රහුමාන් දැන්වත් හොරා පොලිස් සෙල්ලම නතර කරන්නැයි ඉල්ලා සිටින බව ද කීය.

ආණ්ඩු විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන පසුබිම යටතේ මර්දනය ක්‍රියාත්මක කර තිබෙන බව ද රහුමාන් වැඩි දුරටත් සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තුවේ දී මුජිබර් රහුමාන් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *