ආණ්ඩුව දෙන රු. 5000ත් අපි ගන්නවා..! හැබැයි වර්ජනය දිගට ම කරනවා…! – මහින්ද ජයසිංහ….

August 31, 2021 at 1:43 pm | by emanisa.lk

ආණ්ඩුව තමන් වෙත කැරට් අල ලෙස ලබා දෙන රු. 5000 හෝ 7500 හෝ ප්‍රතික්ෂේප නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

තමන් වෙත ලැබෙන කිසිවක් ප්‍රතික්ෂේප කිරීමට සූදානම් නොමැති බවත් ලබා දෙන සියලු වරප්‍රසාද ලබා ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් ගුරු වැටුප් ගැටළුව පිළිබඳ කැබිනට් අනුකමිටුව යෝජනා කරන 2018 යෝජිත වැටුප් වර්ධකය කොටස් වශයෙන් වැටුපට එකතු කිරීමට තමන් කිසිසේත් එකඟ නැති බව ඔහු අවධාරණය කරයි.

සුබෝදනී වාර්තාව මගින් යෝජිත වැටුප් වර්ධකය පළමු අදියරේ දී ම සිය වැටුපට එකතු විය යුතු බව මහින්ද ජයසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස