උද්ඝෝෂණ කළාට සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ….! ඒක ක්‍රියාත්මක කළොත් විශාල අවුලක් හැදෙනවා…! – අධ්‍යාපන ඇමැති…

August 4, 2021 at 2:54 pm | by emanisa.lk

සුබෝධනී වාර්තාව ඉදිරිපත් කළේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් බව ඇමැති ජී.ඇල්. පීරිස් පවසයි.

කෙසේ වුව ද වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිෂන් සභාව එම වාර්තාව ඒ ආකාරයට පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

එසේ කළහොත් රාජ්‍ය සේවයේ සෙසු සමාන්තර සේවාවලට එමගින් විශාල බලපෑමක් වන බවත් විශාල අවුලක් නිර්මාණය වන බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි ද ජී.ඇල්. පීරිස් ප්‍රකාශ කරයි.

2008 ශ්‍රේෂ්ඨාධිකරණය ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් කිරීමට තීන්දුවක් ලබා දී ඇති බවත් එය ආණ්ඩුව පිළිගන්නා බවත් ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

අද (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැති ජී.ඇල්. පීරිස් මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස