24 වසරක් නොවිසඳුණු ගුරු වැටුප් ගැටලුවටත් කොවිඩ් වසංගතය මැද ජනපතිගෙන් විසඳුම්…!

August 31, 2021 at 8:37 am | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක්, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි

එබැවින් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වූ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස