ආණ්ඩුව අත්තනෝමතිකයි…! ගන්න තීන්දු අපිවත් දන්නේ නෑ….! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක් අගමැතිට ලියති….!

February 11, 2021 at 11:42 am | by emanisa.lk

විශේෂ කරුණු සම්බන්ධයෙන් රජය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව තමන් දැනුම්වත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඊයේ (10) තීරණය කළහ.

පසු පෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පෙරවරුවේ රැස්වී තමන් මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලා අගමැතිවරයා වෙත ලිපියක් යොමු කෙරෙන අතර ඊට මන්ත්‍රීවරුන් අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට සූදානම් වන බවට මතු වූ අර්බුදයේ දී රජයේ තීන්දු තීරණ පිළිබඳව තමන් දැනුම්වත් නොවූ බව මන්ත්‍රීවරුන් මෙහි දී පෙන්වා දී තිබේ. ඒ අනුව තමන්ද විවිධ ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. තවද රජයේ මැති ඇමැතිවරු හමුවීමට තමන්ට ද අපහසු බව ඇතැම් මන්ත්‍රීවරුන් මෙහි දී පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස