නැඟෙනහිර ජැටියේ නව ගිවිසුම, තර්ජනයක් අවස්ථාවක් කර ගැනීමක්….! – මහින්ද…

January 24, 2021 at 8:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ තැබූ ෆේස්බුක් සටහනකි.

නැගෙනහිර ජැටි ආයෝජනය කියන්නෙ තර්ජනයක් වෙලා තිබුණ එකක් අවස්ථාවක් කර ගැනීමක්.

ජැටියේ අයිතිය ලංකාවට, ඒකයි 51%ක් තියාගන්නෙ. මුල් ගිවිසුමේ තිබ්බ විදියට ණය ගත්නෙත් නැතුව ඩොලර් මිලියන 700ක ආයෝජනයක් රටට කෙරෙනව.

ඒ අතර, දැනට ලංකාව හසුරුවන ඉන්දියාවෙන් යන හා එන බහාලුම් 70% තවත් වැඩිකර ගැනීම හරහා වරාය ආදායම ඉහළ යනවා. චීනය හා ඉන්දියාව අතර තරඟකාරිත්වයේ වාසිය එන්නෙත් ලංකාවට.

අනික ඉන්දියාවට මේ ප්‍රශ්නයේ දී බැක් කරන එක්සත් රාජධානිය, ජර්මනිය හා කුවේටයත් තමන්ගේ ෂිප්මන්ට් මේ පර්යන්තය හරහා යවන්න පුළුවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *