ආණ්ඩුව කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍ර කර දෙන්න හදනවා…! මා දන්න වෛද්‍ය විද්‍යාව අනුව එහෙම කරන්න බෑ…! – අශෝක් අබේසිංහ…

May 10, 2021 at 7:58 pm | by emanisa.lk

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් හය ලක්ෂයක් සඳහා දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

එයට මූලික හේතුව එම එන්නත් ගෙන ඒම අදාළ පෞද්ගලික ආයතනවලට නොදී රාජ්‍ය ඖෂධ සංස්ථාව ඔස්සේ සිදුකිරීම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ වන විට රජය පළමු සහ දෙවන එන්නත් මාත්‍රා මිශ්‍ර කර එන්නත් කොක්ටේල් එකක් දැමීමට සූදානම් වන බව ඔහු ප්‍රකාශ කරයි.

වෛද්‍ය විද්‍යාව අනුව එසේ කළ නොහැකි බව අශෝක් අබේසිංහ අවධාරණය කරයි.

ආණ්ඩුව එන්නත්කරණයට මූලිකත්වය නොදී අධිවේගී මාර්ග සහ රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන හදමින් ඇතැයි ද හෙතෙම චෝදනා කළේ ය.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස