ඇස්ට්‍රාෙසෙනිකා පළමු මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව එය ම විය යුතුයි…! මරික්කාර්..

May 7, 2021 at 10:43 pm | by emanisa.lk

දෙදහසක් මැරුණාම මොකදැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඇසූ බව පුවත්පතක තිබුණේ යැයි අන්තර්ජාලයේ පළව ඇතැයි එස්.එම්. මරික්කාර් පවසයි.

කිසිවෙකු මළ විට ඇති වන දුක පීඩාව සහ ආතතිය වැටහෙන්නේ එම පවුලේ අයට බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මුළු රට ම පීඬාවට පත්ව මේ රට තවත් ඉන්දියාවක් බවට පත්ව ඇති පසුබිමක ඇමැතිවරුන් මෙවැනි මෝඩ ප්‍රකාශ නොකළ යුතු බව මරික්කාර් අවධාරණය කරයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නත ම දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම රජයේ වගකීම බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ එන්නත් මාරු කර ලබා දීම ඔස්සේ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇති බවත් මේ වන විට යුරෝපයේ ඒ පිළිබඳ සිදුකළ පර්යේෂණවල දී යහපත් ප්‍රතිඵල ලැබී ඇති බවත් ය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *