දෙවෙනි මාත්‍රාව දෙන්න එන්නත් නෑ…! එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථකයි…! – නලීන් බණ්ඩාර….

April 27, 2021 at 2:04 pm | by emanisa.lk

කොවිඩ් එන්නත් ලබා දීමේ දී රජය ප්‍රමුඛතාවන් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ මුළුමනින්ම අසාර්ථක වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර චෝදනා කරයි.

මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත කාල සීමාව එළැඹ ඇති නමුත් ඔවුනට දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා ආණ්ඩුව සතුව එන්නත් නොමැති බැවින් මේ වන විට දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *