ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව විදිහට සිනොෆාම් දෙන්න පුළුවන්….! – ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සායනික ප්‍රතිශක්තිකරණ සහ අසාත්මිකතා පිළිබඳ මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න

May 9, 2021 at 8:02 am | by emanisa.lk

පළමු මාත්‍රාව ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති අය සඳහා ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති වෙනත් එන්නතක් ලබා දීමේ හැකියාව ඇතැයි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සායනික ප්‍රතිශක්තිකරණ සහ අසාත්මිකතා පිළිබඳ මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න පවසයි.

මේ වන විට සිනොෆාම් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමිව ඇති නිසා පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් එහෙත් දෙවන මාත්‍රාවට එය සොයාගත නොහැකි පිරිසට සිනොෆාම් එන්නත ලබා දිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විට ලොව පුරා කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යන නිසා මතුව ඇති එන්නත් හිඟයට විසඳුම් ලෙස පළමු මාත්‍රාව ලබා ගත් අයට එම ඖෂධයේ ම දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇතැයි මහාචාර්ය සෙනෙවිරත්න පෙන්වා දෙයි.

එසේ ම පළමු මාත්‍රාව ලබා ගෙන සති 10-12ක් අතර දෙවන මාත්‍රාව ලබාගත යුතු වුව ද එය සති 13-14ක් දක්වා දීර්ඝ වීම ගැටලුවක් නොවන බව ද අවධාරණය කරයි.

සති අන්ත මව්බිම ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න මේ බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *