ආණ්ඩුව උතුරේ ඉඩම් ආක්‍රමණය කර සිංහල ජනපද හදනවා…! දෙමළ සන්ධානය සහ NGO නිදහස් දා කළු කොඩි විරෝධතාවක…..!

January 29, 2021 at 2:05 pm | by emanisa.lk

රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් හා මෙ රට දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයට එරෙහිව එළැඹෙන 4 වැනිදා ජාතික නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර ඇත.

එය විරෝධතා ව්‍යාපාරය ලබන 3 වැනිදා ආරම්භ කරන අතර ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයට උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් දැනටමත් සහාය පළ කර ඇති අතර මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කළේ ය.

ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරික පූජනීය ස්ථානය 200ක් පමණ රජය සතු කර ගැනීමේ උත්සහායක නිරතව සිටින බවට චෝදනා කළ සුමන්තිරන් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ලෝකයට හෙළිදරව් කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන සිංහල ජනපදකරණය වැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව පවත්වන මෙම විරෝධතාවට එක්වන්නැයි සියලු දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස