ආණ්ඩුව ආගම ජාතිය බලලා නීතිය ක්‍රියාත්මක කරන නිසා සමහරු නීතිය අතට ගන්න හදනවා! – ටිල්වින් සිල්වා

May 15, 2019 at 12:18 pm | by admin

ඇතැම් පුද්ගලයන් නීතිය අතට ගැනීමට උත්සාහ කරන්නේ ආණ්ඩුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට අසමත් වීම හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එසේම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් අසත්‍ය තොරතුරු වැළක්විය නොහැකි බවත් ආණ්ඩුව සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබාදිය යුතු බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

ආරක්ෂක අංශ නිවැරදි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ද දේශපාලන අධිකාරිය ඊට ඉඩ නොදෙන බව ලේකම්වරයා පවසයි.

“ආණ්ඩුව හරියට නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. කිසිම කෙනෙක්ගේ ආගම, ජාතිය, කුලය බලන්නේ නැතුව වරදකරුවන්ට දඬුවම් කරන්න ඕනා. එහෙම නොවෙන නිසයි සමහර මිනිස්සු නීතිය අතට ගන්න හදන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස