ආණ්ඩුවේ රෝද තුන රාජපක්ෂ අයියා මලෝ….! බැසිල් එන්නේ ගෝඨා-මහින්දට හයියක් වෙන්න…! – නාමල්….

June 30, 2021 at 9:25 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ රට ගිය විටත් නැවත පැමිණි විටත් පාර්ලිමේන්තු නොපැමිණි විටත් ඇතැම් කණ්ඩායම් බැණ වැදුණු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද පහුගිය මහින්ද ආණ්ඩු සමයේ මහින්ද, බැසිල්, ගෝඨා හැඳින්වූයේ ආණ්ඩුව නමැති ට්‍රයිසිකලයේ රෝද තුන ලෙස බවත් ඇමැතිවරයා සිහිපත් කරයි.

එහි ලොකු රෝදය මහින්දත් දෙපස රෝද දෙක බැසිල් සහ ගෝඨාත් වූ බවත් එක රෝදයක් ගැළවුණහොත් එය ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජනාධිපතිවරයාටත් සහ අගමැතිවරයාටත් හයියක් වීමට මිස වෙන හේතුවක් නිසා නොවන බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස