කෑලේ කැපුවත් නැතත් මම කෑ ගහන එක නතර කරන්නේ නෑ…! – සිරස ලක්ෂපති භාග්‍යා කියයි…

March 16, 2021 at 10:51 pm | by emanisa.lk

තමා කතා කරන්නේ දැනට හෙළි වන පෞද්ගලික ඉඩමේ සිටින සත්තු ටික පිළිබඳව යැයි භාග්‍යා අබේරත්න පවසයි.

පසුගියදා සිරස ලක්ෂපති වැඩසටහනට ගොස් සිංහරාජ වනාන්තරය හෙළි කරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ ඈ විසිනි.

මෙම වන විනාශය දිගටම සිදු කළහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ද ඉවත් කරනු ඇතැයි භාග්‍යා අබේරත්න අනතුරු ඇඟවූවා ය.

අදාළ ඉඩම පසුකර ගෙන සිය නිවසට පැමිණි නිලධාරීන් එම ඉඩම් හිමියාගෙන් ප්‍රශ්න නොකළ බවට ද භාග්‍යා චෝදනා කළා ය.

අදාළ ඉඩමේ වන විනාශය නතර කළ ද නැත ද තමන් කෑ ගැසීම නතර නොකරන බවට ද ඇය අවධාරණය කළා ය.

දැන් පෙරටත් වඩා අසල ඉඩමේ වන විනාශය නතර කළ යුතු බවට තමා තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති බව ද ඇය හෙළි කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස