අපි සිංහරාජයේ එක ගහක් කැපුවේ නෑ… තිබ්බා වගේ තුන් ගුණයක් ලොකු කළා…! – පරිසර ඇමැති….

March 24, 2021 at 10:29 pm | by emanisa.lk

සිංහරාජ වනාන්තරයට තිබූ භූමි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වර්තමාන ආණ්ඩුව යටතේ ඊට අලුතින් එකතු කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දැනට ආන්දෝලනයට ලක්ව ඇති රක්වාන කලවාන ප්‍රදේශයේ ඉඩම සිංහරාජයේ අක්කර 12 000ට හෝ වැඩි කළ අක්කර 36 000ට හෝ අයත් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එම ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් එය සිංහරාජයට කිලෝ මීටර් 3.6ක් ඈතින් ඇති බවත් ඔහු අනාවරණය කළේ ය. එසේ ම මෙම ඉඩමේ කිසිදු ගසක් කපා දමා ඇති බවට මෙතෙක් සාධක හමු වී නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද එම ඉඩම සහ ඒ අවට ඉඩම් ද සිංහරාජයට පවරා ගැනීමේ හැකියාව පිළිබඳ තමා වාර්තාවක් කැඳවා ඇති බව ද පරිසර ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

අද (24) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *