අවුරුද්ද ජාතියේ සංස්කෘතික උරුමයක්… මෝඩයින් කීප දෙනෙකුට ඒක වනසන්න දෙන්න එපා…!

April 12, 2024 at 7:52 pm | by emanisa.lk

අවුරුදු හතරකට වරක් යෙදෙන අධික අවුරුද්ද නිසා එම අවුරුදුවල නැකැත් රාත්‍රියට යෙදෙන බව ජනශ්‍රැති පර්යේෂක, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසයි.

ඔහු චෝදනා කරන්නේ විකල්ප නැකැත් කණ්ඩායම හීනෙන් ඇහැරුණු ආකාරයට අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කොට ජනතාව මූලා කළ බවටයි.‍

රාත්‍රියට කිරිබත් මුට්ටි ගණන් කෑම උවමනා නැති බවත් ලෝකයේ අප පමණක් ඉටු කරන මෙම සම්ප්‍රදාය මුළු රටම එකම මොහොතක කිරීමේ දී එහි වටිනාකම ඉහළ නැංවෙන බව ද මහින්ද කුමාර දළුපොත අවධාරණය කරයි.

එක එක අවස්ථාවල අවුරුදු නැකැත් සමරමින් ජාතියේ සංස්කෘතික උරුමය මෝඩයින් කිහිප දෙනෙකුට විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව ද හෙතෙම කීය.

දෙරණ Big Focus වැඩසටහනට එකතු වෙමින් කථිකාචාර්ය දළුපොත මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *