නැකැත්කාරයෝ දෙකට බෙදිලා අවුරුදු උරුමයත් රටට නැති කළා…! – ඇමැති විදුර…

April 5, 2024 at 7:48 pm | by emanisa.lk

ලෝකයේ එක ම වෙලාවක ළිප ගිනි මොළවා ආහාර පිස එකම වෙලාවට ආහාර අනුභව කරන එකම රට ශ්‍රී ලංකාව බව සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

නැකැත්කරුවන් දෙපිළක් බෙදී කා කොටා ගැනීම නිසා එම මහඟු සංස්කෘතික උරුමය ද අහිමි වේ දැයි සැකයක් ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

රාජ්‍ය නැකැත් කමිටුව පත් කර ඇත්තේ 1993 බවත් ඒ සියල්ල දැන් වෙනස් කර විශාල පරිවර්තනයක් සිදු කළ යුතු කාලය එළඹ ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති විදුර වික්‍රමනායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *