අවුරුදු නැකැත් වෙනස් කිරීම ප්‍රායෝගික නෑ… රාජ්‍ය නැකැත් කමිටු නැකැතට අවුරුදු සමරන්න..!

April 3, 2024 at 11:36 am | by emanisa.lk

රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළව ඇති නමුත් මේ අවස්ථාවේදී අවුරුදු නැකැත් වෙනස් කිරීමට නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශ්වවල අදහස් ලබා ගන්නා බව පැවසූ හෙතෙම මෙවර අවුරුදු නැකැත්වලට විරෝධය පළකරන පාර්ශ්වලට ද එහිදී අදහස් ලබා දිය හැකි බව ප්‍රකාශ කළේ ය.

එසේම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව වත්මන් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැර ෙනව රාජ්‍ය නැකැත් කමිටුවක් පත්කරන බව හෙතෙම කීය.

ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *