රාජ්‍ය නැකැත් කමිටුව හරියට ම හරි… විරෝධය සම්ප්‍රදායට පටහැනියි.. රාජ්‍ය නැකැත් අනුව අවුරුදු සමරන්න…!

March 26, 2024 at 11:13 am | by emanisa.lk

විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලයි.

1993 වර්ෂයේ සිට පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීන් 22 දෙනකුගෙන් සැඳුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බව ද හෙතෙම සඳහන් කරයි.

මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජ්‍යෝතීර්වේදියෙකු තවත් සුළු පිරිසක් සමඟ එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇතැයි ද ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම පිරිසගේ විරෝධතාව අපගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට පටහැනි හෙයින් විවිධ මතිමතාන්තවලට නොරැවටෙන ලෙස සෝමරත්න විදානපතිරණ ජනතාවගෙන් ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *